අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීම අද සිදුවෙයි

අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීම අද සිදුවෙයි...

by Staff writer 27-11-2026 | 9:12 AM

COLOMBO(News1st) - යාවත්කාලින කළ අස්වැසුම ලේඛනයේ ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීම අද(27) ආරම්භ වේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර පැවසුවේ, නොවැම්බර් මාසයට අදාළව එම ගෙවීම් සිදු කෙරෙන බවයි.

ඒ යටතේ ප්‍රතිලාභ හිමිවන සංඛ්‍යාව දස ලක්ෂ දහහත් දහස් එකසිය තිහකි.