රටවල් 40 කට ඇමරිකාව පැනවූ නව තීරු බදු

රටවල් 40 කට ඇමරිකාව පැනවූ නව තීරු බදු සමග මෙරට අපනයන වෙළෙඳ පොලට නව අවස්ථා.

by Staff writer 26-11-2026 | 10:34 PM

COLOMBO(News1st) - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවකට අලුතෙන් තීරු බදු පැනවීමට පියවර ගෙන තිබේ.

ට්‍රම්ප් මේ පියවර ගෙන තිබුනේ, කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අතිරික්ත නිෂ්පාදන ධාරිතාව වළක්වා ගැනීමේ අරමුණින්.

අමතර තීරු බදු පැනවූ රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් අපනයන වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාව සමග තරග කරන රටවල්.

ශ්‍රී ලංකාවට මෙවර අමතර තීරු බදු පැනවීමක් කර නොමැති අතර දැනට ඇමරිකාව පනවා ඇත්තේ 10%ක් පමණයි.

නොවැම්බර 25 වනදා සිට බලපැවෙත්වන පරිදි ඇමරිකාව පනවා ඇති තීරු බදු ලැයිස්තුවට අනුව

වියට්නාමය 35%යි.

ඉන්දියාව 25%යි.

චීනය අලුත් තීරු බදු ප්‍රමාණයත් සම 40% යි.

සිංගප්පූරුව 20% යි.

බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව,මැලේසියාව සහ තායිලන්තයට පැනවූ තීරු බු ප්‍රතිශතය 18% ක්.

යුරෝපා සංගමයේ රටවල්, ජපානය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය සහ තායිවානයට තීරු බදු පනවා ඇත්තේ  15% බැගින්.

මේ අතරින් වැඩි රටවල් සංඛ්‍යාවක් අපනයන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට තරගකාරී රටවල්.

දැනට ශ්‍රී ලංකාවට අදාළව ඇමරිකාව පනවා ඇති තීරුබදු ප්‍රමාණය 10% ක් පමණයි.

මේ පසුබිම තුළ ශ්‍රී ලංකාවට ඇගලුම් ඇතුළු අපනයන නිෂ්පාදන සදහා ලෝක වෙළෙඳ පොළ තුළ නව අවස්ථා උදාකර ගැනීමේ හැකියාවක් නිර්මාණය වෙමින් තිබෙනවා.