.webp)

COLOMBO (News 1st) – අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අද දිනයට නියමිත විභාග කල් දැමීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල පරිපාලනය පැවසුවේ, අද දිනයේ දේශනද අවලංගු කර ඇති බවයි.
විශ්වවිද්‍යාල අනධ්‍යන සතියක් ඇතුළත වැඩ වර්ජනයක නිරත වන්නේ දෙවැනි වතාවටයි.
2025 අයවැයෙන් කප්පාදු කළ වැටුප්, අතිකාල දීමනා සහ දීමනා මෙවර අයවැයෙන් යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම සංකේත වැඩවර්ජනයේ නිරත වෙයි.
