මැඩගස්කර මුහුදේ මැග්නිටියුඩ් 6.5 ක භූ කම්පනයක්

මැඩගස්කරය ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 6.5 ක භූ කම්පනයක්...

by Staff writer 24-11-2026 | 6:23 PM

COLOMBO (News 1st) - මැඩගස්කරය ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 6.5 ක භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ගැඹුර සටහන් වන්නේ,  කිලෝමිටර් 10 ක් ලෙසයි.

ඉන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි ජාතික පූර්ව අනතුරු ඇඟවීමේ  මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.