නායයෑම පිළිබඳ අනතුරු ඇඟවීම්...

නායයෑම පිළිබඳ අනතුරු ඇඟවීම්...

by Staff writer 24-11-2026 | 8:04 PM

COLOMBO(News1st) - නායයෑම පිළිබඳ අනතුරු ඇඟවීම්...


පවතින වැසි සමග මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල ,ගලිගමුව ,යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාද අදියර 2 යටතේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ අරණායක  ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහාත් අදියර 1 යටතේ ,නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරිණි.