COLOMBO(News1st) - ඊයේ(23) සවස කොහුවල පොලිස් වසමේ එස්. ද එස්. ජයසිංහ මාවතේදී නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක හා කාර් රථයක පිටුපස ගැටී කාර් රථය ඉදිරියට ධාවනය වී අසළ බස් නැවතුම්පළෙහි සිටි සිසුවෙකුගේ ගැටී නැවතත් කාර් රථය ප්රධාන මාර්ගය දෙසට ධාවනය වී මාර්ගයේ ධාවනය වූ තවත් යතුරුපැදියක් හා කාර් රථයක ගැටී ඉදිරියට ඇදී ගොස් වෑන් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුදු 16 ක් වූ ළමයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්රදේශයේ පදිංචි ළමයෙකි.
මෙම අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ කාර් රථයේ රියදුරු වන පානදුර, මොරටුවිල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 68 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොහුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.