.webp)
 (1)-628538.jpg)
එම ගිවිසුම සඳහා ඊයේ (22) අත්සන් තබනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය "සිහාසක් පියොන්-කෙට්-කියෝව්"
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසක් පියොන්-කෙට්-කියෝව් ඊයේ ජනාධිපතිවරයා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ "සිහාසක් පියොන්-කෙට්-කියෝව්" එම සංචාරය තුළින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සබඳතා මෙම සංචාරය තුළින් පිළිබිඹු වන බවයි.
දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා, කෘෂිකර්මාන්තය යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද, එමගින් නව අවස්ථා උදා වනු ඇත.
තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය "සිහාසක් පියොන්-කෙට්-කියෝව්" සිව්දින සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා දිවයිනට පැමිණියේය.
සංචාරය අතරතුරදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය, සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවීමට කටයුතු යොදා තිබිණි.
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
