COLOMBO (News 1st) - නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර කොටස ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරු පිවිසුම හා පිටවීමේ මාර්ග තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ, නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා කාලසීමාව තුළදී මෙම තාවකාලික වසා දැමීම සිදුවන බවයි.

