සියලුම රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්

සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ජනවාරි මාසයේදී

by Staff writer 22-11-2026 | 7:49 AM

COLOMBO (News1st) - සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහ ගුරුවරුන්ගේ තුන්වන වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මාසයේදී ලබා දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීමට පත් කළ විශේෂ කොමිසමේ වාර්තාව එළෙඹෙන වසරේ  ජූලි මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි නිර්දේශ මත  විෂමතා නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි