.webp)

ඒ , ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ එච්. කේ. ආර් ප්‍රනාන්දු පොලිස් විශේෂ කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර ඇත්තේ,, මෙතෙක් පොලිස් සුබසාධක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව් යූ ගිනිගේයි.
මධ්‍යම අපරාධ කාර්යංශය භා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කේ ඒ ජේ කොඩිතුවක්කු පොලිස් සුබසාධක කොට්ඨාසයට මාරුකර යවා තිබේ.
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරන යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජී එච් මාරපන කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර යවා ඇතැයි සඳහන් ය.
මීට අමතරව කළුතර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්ලිව් .ජේ පත්මිනි මාරු කර ඇත්තේ කෑගල්ල දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙසයි.
