හොංකොං කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ජයක්

හොංකොං කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 24ක ජයක්

by Staff writer 21-11-2026 | 9:49 PM

COLOMBO(News1st) - 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 24කින් අද ජයගත්තේ ය.

මෙම තරගය පැවැත්වුණේ කටාර්හි දෝහාහිදී ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 284කි.

ලසිත් කෲස්පුල්ලේ ලකුණු 75ක් රැස් කළේ ය.

ලකුණු 285ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායමට පන්දුවාර 50තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 260ක් පමණයි.

පන්දු යැවීමේදී දුලාජ් සමුදිත කඩුලු 3ක් දවා ගත්තේ ය.

තරගාවලියේ සියළු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.