.webp)

අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 157ක්.
විපක්ෂව ඡන්ද 60ක් ලැබුණි.
මේ අතර අයවැය තුන්වැනි කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට ආරම්භ වේ.
එය ලබන මස 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
ලබන මස 14 වැනිදා පස්වරු 6 ට අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
මෙවර අයවැය රට පරිවර්ථනයක් කරා රැගන යන බව අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අවධාරනය කළේය.
