.webp)

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මේ වසරේ ඉන්දියාව තුළ සිදු වූ විශාලතම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම බවයි.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය 17 සහ 18 දෙදින දියත් කළ ප්‍රධාන මෙහෙයුමකදී ඉන්දීය ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
චෙන්නායිහිදී සැක කටයුතු වාහනයක් සහ ඊට ආරක්ෂාව සපයමින් පැමිණි යතුරුපැදියක් නතර කර පරික්ෂා කිරිමකදී එම වැටලීම සිදුකර ඇතැයි සඳහන් වේ.
එම වාහනය පරීක්ෂා කිරීමේදී, සුදු පැහැයට හුරු කුඩු වර්ගයක් අඩංගු පාර්සල් 69ක් සොයා ගැනීමට හැකි ව තිබේ.
මූලික විමර්ශනවලින් වී ඇත්තේ චෙන්නායි හරහා තිරුචිරාපල්ලි (ට්‍රිචි) ඔස්සේ මුහුදු මාර්ගය හරහා එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ බවයි.
