.webp)
-628358.jpg)
පොලීසිය සඳහන් කළේ, මුල්ලේරියාව රෝහලේ එම මරණ පරික්ෂණ සිදු කරන බවයි
ඊයේ(19) උදෑසන 5.30ට පමණ මහල් දෙකකින් සමන්විත අළෙවිසැලේ ගින්න හට ගත් අතර ගින්නෙන් මියගියේ 30 හැවිරිදි මව සහ 35 හැවිරිදි පියා සහ 5 හැවිරිදි දියණියක් සහ අවුරුදු දෙකයි මාස 9 ක් වයසැති දැරියක්.
කඩුවෙල නගර මධ්‍යයේ පිහිටා ඇති එම ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විත වන අතර භූගතව පිහිටි මහලක් සහ ඒ මත පිහිටි මහල් දෙකකින් සමන්විතයි.
ඔවුන් එම අළෙවිසැලේ ඉහළ මහලේ නවාතැන්ගෙන සිට ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පවසන්නේ, මියගිය පියා එම අළෙවිසැලේ සේවකයෙකු ලෙස සේවය කරන බවයි.
කුලි පදනම මත ඔවුන් එම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මීට මාස තුනකට පමණ පෙර පදිංචියට පැමිණ ඇතැයි ද මේ වන විට අනාවරණ වී තිබේ.
මේ අතර බස්නාහිර පළාතේ පමණක් වසරේ ගත වූ කාලය තුළදී ගිනිගැනීම් 371ක් සිදුව තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ගිණිගැනිම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවයි
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හදිසි ගින්නක් ඇතිවුවහොත් කඩිනමින් එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි.
