අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද...

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද...

by Staff writer 20-11-2026 | 9:07 AM

COLOMBO(News1st) - 2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද(20) පස්වරුවේ පැවැත්වෙන අතර ඡන්ද විමසීම පස්වරු 6.00ට ආරම්භ කිරිමට නියමිතයි.

2027 අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

හෙට(21) සිට දෙසම්බර් 14 වැනිදා දක්වා අයවැය තුන්වැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා  විවාදය පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට  අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි