.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුඩ්ලර් සඳහන් කළේ, මව(30) , පියා(35) සහ දරු දෙදෙනා එලෙස මිය ගොස් ඇති බවයි.
කඩුවෙල නගරයේ විදුලි උපකරණ අලෙවි සැලක අද උදෑසන 6.30ට පමණ ගින්නක් හටගත්තේ ය.
කෝට්ටේ මහ නගර සභා ගිනි නීවීම් ඒකකය සඳහන් කළේ , මහල් දෙකකින් යුත් එම අලෙවි සැලක පුරා ගින්න ව්‍යාප්ත වූ බවයි.
ගින්න මැඩපැවැත්වීමට මේ වන විට සේවා රථ 3ක් යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
