LAUGFS නිලධාරීන් අද පාර්ලිමේන්තුවට

LAUGFS ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවයි..

by Staff writer 18-11-2026 | 11:33 AM

COLOMBO (News 1st) – LAUGFS ගෑස් සමාගමේ නිලධාරීන් අද පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ.

ඒ ගෑස් මිල වැඩි කිරීම පිළිබඳ කරුණු විමසීම සඳහායි.

ඊයේ දිනයේ ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් වෙළෙඳ වාණිජ හා පාරිභෝගික සුරක්ෂා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කැඳවනු ලැබුවේ ය.

එහිදි අමාත්‍යවරයා එම සමාගමට දැනුම් දුන්නේ ඉහළ දැමූ ගැස් මිළ අඩු කරන ලෙසයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ලාෆ්ස් ගෑස් මිළ ගණන් අඩු කෙරිණ.