.webp)
-628206.jpg)
මැතිව් ඩක්වර්ත්
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්
මම ඕස්ට්‍රේලියානු ආයෝජකයන් එක්ක කතා කරනකොට එයාලා නිතරම කියන්නේ, එයාලට ඕන කරනවා වඩාත් පහසු, පුරෝකථනය කරන්න පුළුවන් සහ විනිවිද පෙනෙන ව්‍යාපාරික පරිසරයක්. ආර්ථික ස්ථාවරත්වයක් දකින්න එයාලා කැමතියි, මම හිතන විදිහට මේ රජය ඒක කරන්න ගොඩක් හොඳ වැඩපිළිවෙළක් කරලා තියෙනවා. ඊටපස්සේ, ආයෝජන වැඩි කරන්න සහ ආර්ථික වර්ධනයට අවශ්‍ය ස්ථාවර පරිසරයක් හදන්න උදව් වෙන පැහැදිලි හා ස්ථාවර නීති රීති පද්ධතියක් එයාලා බලාපොරොත්තු වෙනවා.පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණු අයවැයෙන් අපිට පැහැදිලියි, ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවර කරගැනීමේ කාලසීමාවක සිට පරිවර්තනයක් හා ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමේ ජනාධිපතිතුමාගේ දැක්ම. මම හිතන විදිහට මේක ඉතාම ධනාත්මක ලක්ෂණයක්. ඒ ස්ථාවර සහ ආර්ථික වර්ධනයට උදව් වෙන ව්‍යාපාරික පරිසරය නිර්මාණය කරන්න, ඒ ප්රතිඥාවන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා බලන්න ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ගොඩක් උනන්දු වෙයි.
අද පැවැති වැඩසටහනකට එක්වෙමින් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
