.webp)
-628176.jpg)
ඒ, 2015 - 2018 සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් සේවක අතිකාල දීමනා වංචාවකට අදාළවයි.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කළේය.
එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කරුණු දැක්මින් කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකල ලබා ගැනීමට හැකි වන්නේ සවස 4.45න් පසුව වුවත් අතිකාල දීමනා ලබා ගැනීමට සැකකරු එම කාල වේලාවේ රාජකාරී කර නොමැති බවයි.
ඒ අනුව සාපරාධී ලෙස පරිහරණය වී ඇති මුදල් රුපියල් 100,000ට අධික බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාර ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇප ඉල්ලීමක් සිදු කළේය.
එහිදි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පැවසුවේ, පොදු දේපල පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයෙන් සමාගමක දේපල මීට අදාළ නොවන බවයි.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ කරුණු දැක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ 60%ක් රජය සතු බව පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
