අධිකරණයෙන් සමාව ඉල්ලූ කස්සප හිමිට ඇප

අධිකරණයෙන් සමාව ඉල්ලූ කස්සප හිමි ඇප මත මුදා හරින්න නියෝග.

by Staff writer 17-11-2026 | 7:56 PM

COLOMBO(News1st) - අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇප මත මුදාහරින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

වෙරළ ආරක්ෂක පනත උල්ලංඝණය කිරීමේ සිද්ධියට අදාළව පවරා ඇති එම නඩුව අද(17) යළි කැඳවූයේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේයි.

එහිදී බලංගොඩ කස්සප හිමියන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් සමාව අයැද සිටියේය.

ඒ, තමාට ලබා දී තිබූ කොන්දේසි සහිත ඇප උල්ලංඝණය කර ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුරයේ විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ කිරීමේ වැරදිවලට අදාළවයි.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා කස්සප හිමියන් පෙර ඇප සහ රුපියල් ලක්ෂය බැගින් නව ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළේය.

උන්වහන්සේ  ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ රුවන්වැලි සෑ පුදබිමේ කලහකාරී සිද්ධියට අදාළවයි.