අත්අඩංගුවට ගත් SJB ආනන්ද පාලිත අද අධිකරණයට...

අත්අඩංගුවට ගත් SJB ආනන්ද පාලිත අද අධිකරණයට...

by Staff writer 17-11-2026 | 8:25 AM

COLOMBO(News1st) - අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අලුත්කඩේ අංක 02 අධිකරණයට අද(17) ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

සැකකරු ඊයේ(16) පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ, 2015 - 2019 සමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුව ඇතැයි පැවසෙන සේවක අතිකාල දීමනා වංචාවකට අදාළවයි.

රුපියල් 3,111,000 අතිකාල දීමනා සැකකරු විසින් එලෙස වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැණුනි.