විදෙස් ශ්‍රමිකයන්ගෙන් මෙරටට ඩො.බි. 7ක ප්‍රේෂණ

වසරේ ගතවූ කාලය තුළ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ...

by Staff writer 16-11-2026 | 9:39 AM

COLOMBO (News 1st) - වසරේ  ගතවූ කාලය තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් බිලියන 7 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ වසර අවසානය වන විට එම ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 9ක් පමණ ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.