ලාෆ් ගෑස් නිලධාරීන් අද පාරිභෝගික අධිකාරිය හමුවට...

ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවට...

by Staff writer 16-11-2026 | 8:52 AM

COLOMBO (News 1st) - ලාෆ් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද (16) කැඳවා තිබේ.

ඒ, ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

ඒ අනුව අද උදෑසන 10ට කැඳවීම සිදුකර ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

පසුගිය 13 වැනිදා ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කළේ ය.

මිල සංශෝධනයට අනුව මෙතෙක් රුපියල් 4,965ක්ව පැවැති කිලෝගෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ , රුපියල් 1,775කිනි.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් වැඩි වී ඇත්තේ රුපියල් 732කිනි.

එහි නව මිල රුපියල් 2,720ක්.