.webp)
 (5)-628053.jpg)
ගම්පහ සහ මීගමුව ගිනි නිවීම් ඒකක සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ඊට එක්ව සිටී.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර සඳහන් කළේ, කටුනායක සහ ඒකල ගුවන් හමුදා කඳවුරුවලින් ගිනි නිවීම් රථ දෙකක් සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ ජල බවුසරයක් ඊට යොදවා ඇති බවයි.
ගුවන් හමුදා සාමාජිකයින් 30කට ආසන්න පිරිසක් ද, මෙහෙයුමට එක්ව සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 3ක් සහ මීගමුව මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද ඒ සඳහා යොදවා තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය.
