.webp)
-628085.jpg)
සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චරිත් අබේසිංහට චෝදනා ගොනුකර තිබේ.
සිද්ධියට අදාළව එම සැකකරුගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ඉදිරි පියවර ගන්නා බව පෙර නඩු දිනයේ දී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණි.
එම සිද්ධියට අදාළ දෙවන සැකකරුවන නීතීඥ රඛිත රාජපක්ෂගේ සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4 ක් ඉකුත් දා මහාධිකරණය විසින් තහනම් කර තිබුණි.
අල්ලස් කොමිසම අධිකරණයට දැන්වූයේ, එම සිද්ධියට අදාළ තුන්වැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක් තහනම් කිරීමට කටයුතු කළ බවයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්රාත්වරයා දෙසැම්බර් 8 වන දින නඩුව යළි කැඳවිමට නියෝග කළේ ය.
