.webp)
-628115.jpg)
ඒ, ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ආයෝජන සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින්.
ඒ අනුව, වයස අවුරුදු 18 ඉක්මවූ උසස් පෙළ 13 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුන්ට රුපියල් 10,000ක් දක්වා වටිනා කොටස් ආයෝජන කිරීමට අවස්ථාව හිමිවනු ඇති.
මෙරට වයස අවුරුදු 18ට වැඩි ජනගහනයෙන් කොටස් වෙළෙඳපොළේ සක්‍රීයව ගනුදෙනු කරන පිරිස 0.7%ක් පමණයි.
එමෙන්ම කොළඹ කොටස් වෙළෙඳපල තොරතුරු අනුව පසුගිය ඔක්තොම්බර් වනවිට එහි සක්‍රීය ආයෝජකයන් සංඛ්‍යාව 60,000ක්.
මෙය පෙර වසරේ පැවති 78,000ක පමණ මට්ටමට වඩා අඩු අගයක්.
මෙහිදී සිසුන්ට ලැබෙන්නේ සාමාන්‍ය මුදල් ප්‍රදානයක් නොව, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ හැකි කොටස් හිමිකාරිත්වයක්.
එමගින් සිසුන්ට ලැබෙන වාසි මොනවාද?
එම ක්‍රමය හඳුන්වා දීමේ මූලික අරමුණ වන්නේ දරුවන්ට කොටස් වෙළඳපොළ හරහා සැබෑ ලාභයක් අත්කර ගැනීමට මෙන්ම, අනාගතයේදී ඔවුන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්වන විට කොළඹ කොටස් වෙළඳපොළ ඔස්සේ ප්රාග්ධනය උපයා ගැනීමට අවශ්‍ය හැකියාව තහවුරු කිරීමයි.
කොටස් වෙළඳපොළ ආයෝජන සඳහා නිශ්චිත දැනුමක් මෙන්ම යහපත් මූල්‍ය සාක්ෂරතාවක් අත්‍යවශ්‍ය වුවද, අපේ රටේ එම අංශයේ යම් අඩුපාඩුවක් පවතී.
කෙසේ වෙතත්, එම පාඨමාලාව හරහා එම මූල්‍ය සාක්ෂරතාවය මනාව වර්ධනය කර ගැනීමට දරුවන්ට අවස්ථාව උදාවේ.
මීට අමතරව මුදල් ඉතිරි කිරීමේ පුරුද්දෙන් ඔබ්බට ගොස්, මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීමේ වැදගත්කම ද තරුණ පරපුරට හඳුන්වාදීමට ද මෙම නව සංකල්පය යටතේ හැකි වේ.
අනාගතයේදී ව්‍යවසායකයන් බවට පත්වීමට බලාපොරොත්තු වන සිසුන්ට ද සමාගම් ක්‍රියාත්මක වන ආකාරය සහ ව්‍යාපාර සඳහා ප්රාග්ධනය රැස්කරගන්නා ආකාරය පිළිබඳවද ඉන් අවබෝධයක් ලබාගත හැකියි.
