.webp)

ලබන 20 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.
දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම, 20 වැනිදා හවස 6ට පැවැත්වීමට නියමිතයි.
අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය, ලබන 21 වැනිදා සිට දින 19 ක් පැවැත්වේ.
ඒ අනුව අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා හවස 6 ට පැවැත්වීමට නියමිතයි.
2027 අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඒ, ආර්ථික ස්ථාවරත්වයෙන් පරිවර්තනීය වෙනසකට යන තේමාවෙනි.
අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට යෝජනා කළ අතර රාජ්‍ය සේවකයින්ගේ දීමනා රැසක් ද ඉහළ දැමුණි.
මීට අමතව මෙරටට ආයෝජන ආකාර්ශනය සඳහා අයවැයෙන් යෝජනා රැසක් ඉදිරිපත් විය.
අභ්‍යාස පොත් ඇතුළු මුද්‍රිත පොත් වැට් බද්දෙන් නිදහස් කිරීම අයවැයේ කළ තවත් යෝජනාවකි.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට ද යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත් කරුණු වේ.
