පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ්.

අධිකරණය මගහැරීමේ චෝදනාව මත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රිමාන්ඩ්.

by Staff writer 16-11-2026 | 3:21 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට නොවැම්බර්  11 වැනිදා දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් හෙට(17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා නියෝග කළේ ය.

එහි දෙවන සැකකරු ලෙස නම් කර සිටින බලංගොඩ කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කළේ,  අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේයි.

නොවැම්බර් 11 වැනිදා අධිකරනයට ඉදිරිපත් නොවීම හේතුවෙන් කස්සප හිමිට වරෙන්තු නිකුත් කර තිබු අතර එම වරෙන්තු සම්බන්ධයෙන් අද(16) දින බන්ධනාගාරය මගින්  අධිකරනයට ඉදිරිපත් කරනු ලැබීය.