.webp)
-628011.jpg)
නීතිඥ කාලිංග රවින්ද්‍ර එම ඉල්ලීම කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙනි.
සැකකාර භික්ෂූන් වහන්සේ සහ සිවිල් වැසියන් තුන්දෙනෙකු, ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන්ට චෝදනා එල්ල වන්නේ, අනුරාධපුර රුවන්වැලිසෑය දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහයට තවත් පිරිසක් සමග කඩා වැදී කලහාකාරී ලෙස හැසිරී, ශාසනයෙත් නෙරපා සිටින රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙනි.
