චාවකච්චේරියේ රිය අනතුරකින් පිය - පුතු දෙපලක් මරුට.

චාවකච්චේරියේ රිය අනතුරකින් පිය - පුතු දෙපලක් මරුට.

by Staff writer 14-11-2026 | 10:29 AM

COLOMBO(News1st) - චාවකච්චේරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පිය - පුතු දෙපලක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, නුනාවිල් - පේදුරුතුඩුව මාර්ගයේ කනවම්පුඩි හන්දිය ආසන්නයේදී යතුරුපැදියක්, වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ, යතුරුපැදියේ ගමන් කළ, 9 හැවිරිදි දරුවා සහ 51 හැවිරිදි පියා බව, පොලීසිය සඳහන් ක‍ළේ ය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.