ලාෆ්ස් ගෑස් රැගත් නෞකාවක් දිවයිනට.

ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් රැගත් නෞකාවක් දිවයිනට.

by Staff writer 13-11-2026 | 8:58 AM

COLOMBO(News1st) - ගෑස් මෙට්‍රික් ටොන් 3,000කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට ළගා වී ඇතැයි ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, එම ගෑස් තොගය දිවයිනට ළඟා වීමත් සමඟ ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර් සැපයීම අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කරන බවයි

ගෑස් අලෙවිසැල් වෙත යාමට පෙර, ළඟම ඇති බලයලත් ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිත අමතා හෝ 1345 අංකය අමතා ගෑස් තොග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැකියි