.webp)
-627864.jpg)
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න එම නියෝගය කළේ, අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් ප්‍රතිකාර ලබමින් සිටි හිමිවරුන් සහ සිවිල් වැසියන් පරික්ෂා කිරීමෙන් අනතුරුවයි.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 11 වැනිදා නඩුවටකට පෙනී නොසිටීම නිසා වරෙන්තු ලබා සිටින බලංගොඩ කස්සප හිමියන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි පරික්ෂාකර ඒ පිළිබද වාර්තාවක් ලබාදෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාර බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ, රාජාංගනයේ සද්ධාරථන හිමිට පහර දී තුවාල සිදු කිරීම සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීම චෝදනා යටතේයි.
අත්අඩංගුවට ගත් සිවිල් වැසියන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්.
පොලිස් මධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සදහාන් කළේ රිමාන්ඩ් භාරයට පත් එම භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.
