ඉපලෝගම SJB ප්‍රා.මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට....

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ස.ජ.බ. මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට.

by Staff writer 13-11-2026 | 11:48 AM

COLOMBO(News1st) - අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේග මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කලාවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත එම පහරදීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා කලාවැව රෝහලේ ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගත් සැකකරු අද(13) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට  නියමිතයි