.webp)
 (1)-627770.jpg)
ඒ , නිදහස් ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය ලෙසයි.
ලබන වසර සඳහා රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,992.77 කි.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (13) සිට 20 වැනිදා දක්වා පැවැත්වේ.
20 වැනිදා පස්වරු 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
නොවැම්බර් 21 වැනිදා සිට දෙසම්බර් 14 වැනිදා දක්වා අයවැය තුන්වෙනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ.
තුන් වැනි වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00 ට.
මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් වෙන් කර ඇත්තේ මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටයි.
එම මුදල රුපියල් බිලියන 856.86 කි.
මේ අතර, 2027 අයවැය අපේක්ෂා සහ අභියෝග පිළිබඳව News 1st විශේෂ වැඩසටහන් කිහිපයක් අද දින විකාශයට සැලසුම් කර ඇත.
දහවල් 12.30 සිට පස්වරු 1.30 දක්වා අයවැයට පෙර දැක්ම විද්වත් සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
ඒ , ආර්ථික විද්වතුන්ගේ සහභාගීත්වයෙනි.
ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන 2027 අයවැය කතාව සජීවිව විකාශය කිරීමට නියමිතයි.
එය සමගාමී විකාශයක් ලෙස සිරස fm ඔස්සේ ද විකාශයට සූදානම්.
ඉදිරිපත් වන අයවැය යෝජනා පිළිබඳව පසුවිපරමක් අද පස්වරු 6 සිට රාත්‍රී 7 දක්වා සිරස TV ඔස්සේ විකාශය වීමට නියමිතයි.
අයවැය සහ ජනතා අපේක්ෂා තේමා කරගත් 'මාවත' වැඩසටහන ද අද රාත්‍රි 10.30 ට සිරස TV විකාශනය වේ.
අයවැය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔබේ ජංගම දුරකතනයට ක්ෂණිකව ගෙන එන්නේ, News 1st කෙටි පණිවිඩ ඔස්සේයි.
මීට අමතරව, News 1st ඩිජිටල් අවකාශය ඔස්සේ ද අයවැය පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමට News 1st අප සූදානමින් සිටී.
