නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අනතුරු ඇගවීම්!

නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අනතුරු ඇගවීම්!

by Staff writer 12-11-2026 | 9:26 PM

COLOMBO(News1st) - අධික වර්ෂාවත් සමග නිල්වලා ගං ද්‍රෝණියට ඉදිරි පැය 24  කාලය සඳහ සුළු ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගඟේ ජල මාපකවල අගයන් නිරීක්ෂණය කර එම අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි.

මේ පිළිබඳව අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය තිහගොඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ දෙපස පහත්බිම් වල ජනතාව අවධානය යොමුකළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.

කළු ගඟ, මඟුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින් ගංවතුර අවදානම් මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වලවේ ගඟ මොරකැටියෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතින අතර,

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලට මිලිමීටර 100 ට වැඩි වැසි විය හැකි බවයි.

ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 60 -70 ත් දක්වා ඉහළ යා හැකියි