2027 අයවැය අපේක්ෂා සහ අභියෝග

2027 අයවැය අපේක්ෂා සහ අභියෝග පිළිබඳව නිවුස්ෆස්ට් විශේෂ වැඩසටහන්

by Staff writer 11-11-2026 | 7:29 PM

COLOMBO(News1st) - 2027 අයවැය අපේක්ෂා සහ අභියෝග පිළිබඳව නිවුස්ෆස්ට් විශේෂ වැඩසටහන් කිහිපයක් හෙට(11) දිනයේ සැලසුම් කර තිබේ.

දහවල් 12.30 සිට පස්වරු 1.30 දක්වා අයවැයට පෙර දැක්ම විද්වත් සාකච්ඡාව ගෙන ඒමට නියමිතයි.

ආර්ථික විද්වතුන්ගේ සහභාගීත්වයෙන්.

ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන 2027 අයවැය කතාව සජීවිව විකාශය කෙරෙනු ඇති.

ඉදිරිපත් වන අයවැය යෝජනා පිළිබඳව පසුවිපරමක් හෙට පස්වරු 6 සිට රාත්‍රී 7 දක්වා සිරස ටීවි ඔස්සේ  විකාශයට නියමිතයි.

අයවැය සහ ජනතා අපේක්ෂා තේමා කරගත් මාවත වැඩසටහන ද හෙට රාත්‍රී 10.30 ට සිරස ටීවි ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

අයවැය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔබේ ජංගම දුරකතනයට ක්ෂණිකව ගෙන එන්නේ, නිවුස්ෆස්ට් කෙටි පණිවිඩ ඔස්සේයි.

මීට අමතරව, නිවුස්ෆස්ට් ඩිජිටල් අවකාශය ඔස්සේ ද අයවැය පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමට නිවුස්ෆස්ට් අප සූදානම්.