.webp)
-627701.jpg)
එම කොමිසම, කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේ, හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව සිද්ධියට අදාළ වැඩිදුර වර්තා කැඳවීම වෙනුවෙන්, පෙබරවාරි 23 වැනිදා නඩුව යළි කැඳවීමට දින නියම කළේය.
ඒ, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
සැකකාර හිටපු අමාත්‍යවරයා මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.
රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපැයු බවට චෝදනා කරමින්, අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ නඩුව පවරා තිබේ.
