.webp)
-627670.jpg)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් සඳහන් කළේ, අනතුරින් 40කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
තුවාලකරුවන් මැදවච්චිය, අනුරාධපුර සහ වව්නියාව යන රෝහල් වෙත යොමුකර තිබේ.
අනතුරට ලක් වුණේ, ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයකි
වව්නියාවේ සිට අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් එම දෙසටම ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසු කර යාමට උත්සහා කිරීමේදී ඉදිරියෙන් පැමිණි අක්කරේපත්තුවේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන් වේ
අනතුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.
අනතුරට ලක්ව ඇත්තේ, ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක්.
අනතුරින් තුවාල ලැබූවන් රඹෑව, මැදවච්චිය සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
