එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල අතට...

එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල වෙයි - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 10-11-2026 | 8:36 AM

COLOMBO(News1st) - මේ වන විට එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබලවෙමින් ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න නිවුස්ෆස්ට් වෙත සඳහන් කළේ, ඒ යටතේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඉතා කෙටි කාලයක් තුළ තදවැසි ඇති විය හැකි බවයි.