.webp)

අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව දැනුම් දුන් නීතිපතිවරයා, එම සංශෝධන ඇතුළත් ලේඛනයක්ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න එම දැනුම් දීම සිදුකළේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
පෙත්සම් කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 26ක්, පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් එම පෙත්සම් ගොනුකර තිබේ.
