.webp)
-627634.jpg)
ඒ සැකකරු අද (09) දින දක්වා කොළඔ අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත සිට කොළඔ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කරන ලෙස ද මහේස්ත්රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඔ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ සැකකරුව දින 180 ක කාලයක් රඳවා තබාගෙන ප්රශ්න කළ බවයි.
කොළඔ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා සිටියේ රැදවුම් නියෝග කාල සීමාව අවසන් වීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කළ බවයි
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
