.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ප්‍රදේශවලට අද(08) සවස හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.
අනුරාධපුර , අම්පාර , කළුතර , කෑගල්ල , කිලිනොච්චි , කුරුණෑගල , කොළඹ , ගම්පහ , ගාල්ල , ත්‍රිකුණාමලය , නුවරඑළිය , පුත්තලම සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
බදුල්ල , මඩකලපුව , මන්නාරම , මහනුවර , මාතර , මාතලේ , මුලතිව් , මොණරාගල , රත්නපුර , වව්නියා සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් සඳහා ද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
