දොලක දිය නෑමට ගිය පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන්ව

දොලක දිය නෑමට ගිය පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන්ව

by Staff writer 07-11-2026 | 8:27 PM

COLOMBO(News1st) - දෙනියාය බෙවරලිය ප්‍රදේශයේ දොලක දිය නෑමට ගිය පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

නුගේගොඩ ප්‍රදේශයේ සිට චාරිකාවක පැමිණි 7 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද (07) දහවල් දොලෙහි දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිංහරාජ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දොලෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහල යාම හේතුවෙන් ඔවුන් ගසාගෙන ගොස් ඇත බවයි.

අතුරුදන්වූවන් සොයා ප්‍රදේශවාසීන් සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.