කොළඹ යටවෙන එක වළක්වන්න කරන්න යන දේ ?

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා කොළඹ නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

by Staff writer 07-11-2026 | 7:55 AM

COLOMBO(News1st) - කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා අද(07) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බර්තසාර් පැවසුවේ, සියලු රාජ්‍ය ආයතන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඊයේ(06) පස්වරුවේ අධික වර්ෂාවත් සමග කොළඹ නගරය ජලයෙන් යටවීම සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බව, නගරාධිපතිනිය සඳහන් කළා ය.