19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ...

by Staff writer 05-11-2026 | 10:32 AM

COLOMBO (News 1st) - 2026 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භ වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථාන, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මලයාසියාව, නේපාලය සහ එක්සත් අරාබි එමිර් යන රටවල් සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන්වේ ඕමානයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ක්‍රීඩා කරන්නේ B කාණ්ඩයෙනි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ මලයාසියා කණ්ඩායම් අතරයි.

දෙවැනි තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වේ.

තරග දෙකම මෙරට වෙලාවෙන් අද පෙරවරු 10.30ට ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග TV1 නාලිකාවෙන් සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.