මරදානදී විදෙස් ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට.

මරදාන ප්‍රදේශයේදී විදෙස් ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට.

by Staff writer 03-11-2026 | 11:39 AM

COLOMBO(News1st) - මරදාන, ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී විදෙස් ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ වැටලීමකදි ඉන්දියන් ජාතිකයින් 3 දෙනෙකු බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙකු හා චීන ජාතිකයින් 12  දෙනෙකු  එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව, ගොඩනැගිල්ලක් තුල නීති විරෝධීව මෙරට රැඳී සිටිමේ චෝදනා මත අදාල පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අද(03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.