දීග දන්තු එක හස්තියා මරා දැමීමට එරෙහි නඩුව

දීග දන්තු එක හස්තියා මරා දැමීමට එරෙහි නඩුව

by Staff writer 02-11-2026 | 9:38 PM

COLOMBO(News1st) - දීග දන්තු එක හස්තියා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වා ඇතැයි, ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රශාන්ත විජේකෝන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ , මෙම සිද්ධිය අදාළ නඩුව කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීයි.

සැකකරු අත්අඩංගුවට ගෙන මසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුව මේ වන විට ඇප මත මුදා හැර සිටී.
විදුය සැර වද්දවා මරා දූමුණු දිග දන්තු එක හස්තියා, අඩි 6 යි අගල් 2 ක පිරිපුන් දළ යුගලක් හිමිවුණි.

දීග දන්තුගේ මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ, අධික විදුලි  සැර  ස්පර්ශ වීමෙන් හෘදය වස්තුවට ඇති වූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවයි