අතුරුදන් වූ ධීවරයන් 4 දෙනා නිරුපද්‍රිතව මුදාගැනේ

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් සිව් දෙනා නිරුපද්‍රිතව මුදා ගැනේ - ධීවර දෙපාර්තමේන්තුව

by Staff writer 01-11-2026 | 7:03 PM

COLOMBO(News1st) - තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් ගැඹුරු මුහුදේදී යාත්‍රාව සොයාගත් බවයි.

නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ ගුවන් හමුදාව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමේදී ඔවුන් සොයා ගැනුණි.

අදාළ ධීවරයින් පිරිස රැගත් යාත්‍රාව, ඔර්නබ් සුළි කුණාටුවට මැදිව සංඥා පද්ධතියෙන් ගිලිහී අතුරුදන් වුණේ, පසුගිය 21 වැනිදායි.

යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන එම ධීවරයින්, ගොඩබිමට රැගෙන එමින් ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර, අතුරුදන්වූ ධීවරයින් සොයා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවක ද නිරත වුණි.

ඒ, මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල මංසන්ධියෙන් අවහිර කරමින්.