ඉන්ධන මිල සංශෝධනය කෙරේ...

by Staff writer 01-11-2026 | 10:46 PM

COLOMBO (News 1st) - අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

නව සංශෝධන අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.10 කින් ඉහළ දමා ඇති අතර එහි මිල රුපියල් 424ක් වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් මිල ඉහළ දමා ඇත්තේ රු.15 කිනි.

ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 490ක් ලෙසයි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.05 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 15 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 397ක් ලෙස සහ ඩීසල් ලීටරයක මිල 543ක් ලෙස සටහන් වේ.

සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.