Online ක්‍රමයට Passport ගන්න අද සිට අලුත් ක්‍රමයක්

Online ක්‍රමයට ප්‍රාදේශීය කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද සිට අවස්ථාව...

by Staff writer 29-10-2026 | 7:18 AM

COLOMBO (News 1st) - විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කළින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම අද (29) සිට ලබා දීමට පියවර ගෙන තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය පාලක මහේෂ් කරුණාදාස පැවසවේ www.immigration.gov.lk යන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස දිනය සහ වේලාව වෙන්කරවා ගත හැකියි.

මහනුවර, යාපනය, කුරුණෑගල, වව්නියා සහ මාතර යන කාර්යාල එම ප්‍රාදේශීය කාර්යාල අතරට ඇතුළත්.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේන් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට අදාළ වෙන්කරවා ගැනීම අදාළ නොවන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.